වසර කිහිපයකට පෙර ශ්‍රී ලංකාවෙන් තුරන්කර තිබූ සරම්ප රෝගය යළි හිස ඔසවා තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ විශේෂඥ වෛද්‍ය අතුල ලියනපතිරණ මහතා පැවසුවේය.
ඔහු පෙන්වා සරම්ප රෝගය වැළදුණු ළමුන් දෙදෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් හඳුනාගත් බවයි. එබැවින් සරම්ප එන්නත ලබා නොගත් හා එක් මාත්‍රාවක් පමණක් ලබාගත් දරුවන්ට හැකි ඉක්මනින් එම එන්නත් විධිමත්ව ලබාගන්නා ලෙස විශේෂ වෛද්‍ය ලියනපතිරණ මහතා දෙමාපියන්ගෙන් ඉල්ලා සිටියේය.
ශ්‍රී ලංකාව සරම්ප රෝගය සහමුලින්ම තුරන් කළ රටක් බවට ලෝක සෞඛය 2019 දී සංවිධානය නිවේදනය කර තිබුණත් 2023 වර්ෂයෙන් පසුව ඇතැම් ප්‍රදේශවලින් සරම්ප වසංගත තත්ත්වයන් වාර්තාවූ බව ද ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ විශේෂඥ වෛද්‍ය අතුල ලියනපතිරණ මහතා පැවසුවේ රෝගය වැළඳී ඉන් සුවයක් ලැබුණ ද එහි සංකූලතා හේතුවෙන් වසර ගණනාවකට පසුව මරණය පවා ඇතිවී අවධානමක් ද පවතින බවයි.
අද (23) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පැවැති දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවේ දී වැඩි දුරටත් අදහස් දක්වමින් ලියනපතිරණ මහතා මෙසේ ද පැවසුවේය, “2025 අවුරුද්දේ ජනවාරි මාසේ ඉදලා පසුගිය මාසය වන තෙක් ශ්‍රී ලංකාවෙන් එක සරම්ප රෝගියෙක්වත් ලංකාවෙන් වාර්තා වුණේ නෑ. නමුත් අවාසනාවකට වගේ පසුගිය මාසේ කොළඹ දිස්ත්‍රික්කයෙන් සරම්ප රෝගීන් දෙදෙනෙක් වාර්තා වෙලා තියෙනවා. මේ වාර්තා වු ළමුන් දෙදෙනාගේ රෝගී තත්ත්වය නැවතත් වසංගතයක් දක්වා වර්ධනය නොවී පවත්වා ගැනීමට අපි සියලුම උත්සහයන් ගන්න ඕනේ. අපි එක ළමයෙකුගේ නියැදි ඉන්දියාවේ රසායනාගාරක් වෙත යැව්වා. එයින් තහවුරු වුණා මේ තිබෙන වෛරසය පිටරටින් පැමිණ වෛරසයක් බව. මෑතකදී සොයාගෙන තියෙනවා සරම්ප රෝගය වැළඳුනාට පස්සේ ඒ වැළඳුන කෙනාට ප්‍රතිශක්ති මතකය අමතක වෙනවා කියලා. සරම්ප රෝගය වැළඳුනාට පස්සේ අනෙක් රෝග වලට මුහුණ දීමට ඇති හැකියාවත් නැති වෙන්න පුළුවන්. එ් වගේම තව තත්ත්වයක් තියෙනවා SSPE කියලා,
ඒක ඇති වෙන්නේසරම්ප රෝගය සුව වෙලා ගිහිල්ලා වසර ගණනාවකට පස්සේ වුණත් වෙන්න පුළුවන්. ඒ නිසා සරම්ප රෝගය සුව වුණා කියලා කිසිම කෙනෙකුට (විශේෂයෙන් ළමයෙකුට) සැනසිල්ලේ ඉන්න වෙන්නේ නෑ. වසර ගණනාවකට පස්සේ වුණත් මේ රෝගය ඇති වෙන්න පුළුවන්. මේක සෙමින් සෙමින් මරණය ඇති කරන මාරාන්තික තත්ත්වයක්”
සරම් රෝගයෙන් වැළකී සිටීමේ පියවර ද මෙහි දී වෛද්‍ය අතුල ලියනපතිරණ මහතා පැහැදිලි කළේය, “මාස 09ත් අවුරදු 03ත් අතර ළමයෙක් නම් අඩුම ගානේ එක සරම්ප එන්නත් මාත්‍රාවක් ලබාදී තිබිය යුතුයි. ඒ වගේම මාස 09ට වැඩි ළමයින්ට මාත්‍රා දෙකක්ම ලබාදී තිබිය යුතුයි. ඔබේ දරුවාට එක මාත්‍රාවක් හෝ ලබා දී නොමැති එම දරුවන්ට මාත්‍රා දෙකම ලබාදිය යුතුයි. ඒකට හේතුව තමයි එන්නත්කරණය තමයි මෙම රෝගයෙන් වැළකෙන්න තිබෙන හොඳම සහ ඉතාම ප්‍රවේශම් ක්‍රමය. යම්කිසි කෙනෙකුට උණත් සමඳ රෑස් ඒකක් වාගේ දාඩිය කුෂ්ඨයක් තිබෙනවා නම්, රතු පැහැදිලි කුෂ්ඨයක් මතු වන ඔ්නෑම රෝගී තත්ත්වයක් සරම්ප විය හැකියි. එවැනි අවස්ථාවක නොපමාව වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමු විය යුතුයි”
















