ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ අවවාදාත්මක නිවේදනයක්

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, උතුරුමැද, ඌව පළාත්වල සහ අම්පාර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවල අද (21) සවස 1.00 න් පසුව ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ හැකියාව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයක සහන් වේ.

මෙවැනි තත්ත්වයක් තුළ ගතයුතු ආරක්ෂිත පියවර ද එම නිවේදනයේ සඳහන් වන අතර ඒවා පහත පරිදි වේ.

  • එළිමහනේ හෝ ගස් යට නොසිටිය යුතු අතර ආරක්ෂිත ගොඩනැගිල්ලක් හෝ සංවෘත වාහනයක් තුළ රැදී සිටින්න.
  • කුඹුරු, තේ වතු, ක්‍රීඩා පිටි මෙන්ම ජලාශ වැනි විවෘත ස්ථානවල රැදී සිටීමෙන් වලකින්න
  • රැහැන් සහිත දුරකථන සහ විදුලියට සම්බන්ධ කරන ලද විදුලි උපකරණ භාවිතයෙන් වළකින්න
  • බයිසිකල්, ට්‍රැක්ටර් සහ බෝට්ටු වැනි විවෘත වාහන භාවිතයෙන් වලකින්න
  • තද සුළං හේතුවෙන් ගස් හා විදුලි රැහැන් බිම ඇද වැටීමට ඉඩ ඇත.

හදිසි තත්වයකදී ප්‍රදේශීය ආපදා කළමනාකරණ නිලධාරීන්ගේ හා ශ්‍රී ලංකා පොලිසිය මගින් සහය පතන්න

1717 දුරකථන අංකය ඔස්සේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සමඟ සම්බන්ධීකරණය වීමෙන් ඇමැතීමෙන් වැඩිදුර විස්තර පිළිබඳව දැනුවත්වීමේ හැකියාව පවතී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website