ජාතික සංවර්ධන බැංකුවේ (NDB) සිදු වුණ අභ්‍යන්තර මූල්‍ය වංචාව සම්බන්ධයෙන් පුළුල් විගණනයක් පැවැත්වීම සඳහා විදේශීය විශේෂඥයින්ගෙන් සමන්විත ප්රමුඛ ජාත්‍යන්තර සමාගමක් සම්බන්ධ කර ගැනීමට NDB කටයුතු කරමින් සිටින බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර ඇත.
වාර්තා වී ඇති අක්රමිකතාවල පුළුල් විමර්ශනයක් සඳහා මෙම විගණනය හැකි ඉක්මනින් ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව මහ බැංකුව නිකුත් කළ නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.












