තෙල් සහ ගෑස් පුරවා ගැනීම සඳහා හිස් නෞකා එක්සත් ජනපදයට එන බව ට්‍රම්ප් පවසයි

සම්පූර්ණයෙන්ම හිස් ඉන්ධන හා ගෑස් ප්‍රවාහන නෞකා විශාල සංඛ්‍යාවක් තෙල් සහ ගෑස් පිරවීම සඳහා එක්සත් ජනපදයට යාත්‍රා කරමින් සිටින බව ජනපති ට්‍රප්ම් අද (11) හෙළි කළේය.

“ලෝකයේ ඕනෑම තැනක ඇති විශාලතම ඉන්ධන ප්‍රවාහන නෞකාවලින් විශාල ප්‍රමාණයක්, සම්පූර්ණයෙන්ම හිස් නෞකා විශාල සංඛ්‍යාවක්, මේ වන විට ලෝකයේ ඕනෑම තැනක හොඳම සහ “මිහිරි” තෙල් සහ ගෑස් පිරවීම සඳහා එක්සත් ජනපදයට යමින් තිබේ. ඊළඟ විශාලතම තෙල් ආර්ථිකයන් දෙකට වඩා වැඩි තෙල් සංචිත අප සතුව ඇති අතර ඒවා ලෝකයේ උසස්ම තත්ත්වයේ ඒවා වේ,” ට්‍රම්ප් Truth Social සටහනක පැවසීය.

ඔහුගේ මෙම සටහන පැමිණියේ එක්සත් ජනපද සහ ඉරාන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අද (11) ඉස්ලාමාබාද්හිදී පකිස්ථාන අතරමැදියන් සමඟ හමුවන විටය.

ඉතිහාසයේ ගෝලීය බලශක්ති සැපයුම්වලට දරුණුතම බාධාවක් ඇති කර ඇති හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන ටැංකි නැව්වලින් ඉරානය ගාස්තු අය නොකළ යුතු බව ට්‍රම්ප් මෙම සතිය මුලදී පැවසීය.‍

මූලාශ්‍රය – රොයිටර්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website