අද දින (05) දහවල් 12:13 ට දොඩන්දූව, රත්ගම, යක්කලමුල්ල, අකුරැස්ස, මුල්ගිරිගල, රන්න, කලමැටිය සහ උස්සන්ගොඩ යන ප්‍රදේශවලට හිරු මුදුන් වනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම නිවේදනයේ මෙසේ ද සඳහන් වේ.
දෘශ්‍ය ලෙස සූර්යයා උතුරට ගමන් කිරීමේදී සූර්යයා, අප්‍රේල් මස 05 සිට 15 දක්වා දිනවලදී ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශවලට සෘජුවම ඉහළින් පවතී. අද දින (05) දහවල් 12:13 ට දොඩන්දූව, රත්ගම, යක්කලමුල්ල, අකුරැස්ස, මුල්ගිරිගල, රන්න, කලමැටිය සහ උස්සන්ගොඩ යන ප්‍රදේශවලට හිරු මුදුන් වනු ඇත.













