පසුගිය දා සිදු කළ ඉන්ධන මිල ඉහළ දැමීමට ප්රතිචාරීව බස්නාහිර පළාතේ ත්රිරෝද රථ ගාස්තු ද ඉහළ දාමීමට බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්රවාහන අධිකාරිය අවසර ලබාදී ඇත.
ත්රිරෝද රථවල පළමු කිලෝමීටරය සඳහා අය කළ රුපියල් 100ක ගාස්තුව රුපියල් 110 දක්වා රුපියල් 10කින් ඉහළ නංවන ලද බවත් එතැන් සිට සෑම කිලෝමීටරයකටම රුපියල් 90 බැගින් අය කරන බවත් බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්රවාහන අධිකාරිය අද (23) නිවේදනය කළේය.














