‘බිරිඳ මෙහෙකාරියක් නොවේ’ : ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ආන්දෝලනාත්මක තීන්දුවක්

ගෙදර දොරේ වැඩ කටයුතු ස්වාමිපුරුෂයා සහ භාර්යාව අතර බෙදා ගත යුතු බව අවධාරණය කරමින් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (20) තීන්දුවක් ප්‍රකාශයට පත් කළේය.

“ඔබ විවාහ වන්නේ සේවිකාවක් සමඟ නොවේ, ඔබ විවාහ වන්නේ ජීවිත සහකරුවෙකු සමඟයි,” වික්‍රම් නාත් සහ සන්දීප් මේතා යන විනිසුරුවරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් “කෲරත්වය” හේතුවෙන් දික්කසාද වීමට උත්සාහ කරන පුද්ගලයෙකුට පැවසීය.

“ඔබ ආහාර පිසීම, රෙදි සේදීම ආදිය සඳහා දායක විය යුතුයි. අද කාලය වෙනස්,” ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල පැවසූවේය.

කර්ණාටක මහාධිකරණ නියෝගයක් අභියෝගයට ලක් කරමින් එම පුද්ගලයා ගොනු කළ පෙත්සමක් විභාග කරමින් සිටියදී ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නිරීක්ෂණ ඉදිරිපත් කළේය. කෲරත්වය හේතුවෙන් එම පුද්ගලයාට දික්කසාද වීමට ලබා දුන් අධිකරණ නියෝගයක් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අවලංගු කර තිබුණි.

ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පැවති නඩු විභාගයේදී, පුරුෂයාගේ නීතිඥවරයා පැවසුවේ, 2017 දී විවාහ වී අට හැවිරිදි පිරිමි ළමයෙකු සිටින මෙම යුවළ 2019 සිට වෙන්ව සිටින බවත්ය.

“ඔහුට දික්කසාද වෙන්න ඕන. නඩු විභාග අධිකරණය දික්කසාදය ලබා දුන්නේ කෲරත්වය පදනම් කරගෙන,” නීතිඥවරයා පැවසීය. මෙම කාරණය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති කෲරත්වය කුමක්දැයි ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විමසීය. කාන්තාව “නුසුදුසු හැසිරීමක නියැලී ඇති අතර ඇය සැමියා වෙනුවෙන් ආහාර පිසුවේ නැත” යනුවෙන් නීතිඥවරයා පැවසීය.

මෙයට පිළිතුරු දෙමින් විනිසුරු නාත් පැවසුවේ, “ඔබ මේ සියල්ලටම සමානව සහභාගී විය යුතුයි. ඉවුම් පිහුම්, පිරිසිදු කිරීම, සේදීම, සියල්ලටම”, එය කෲරත්වයට පදනමක් නොවිය හැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය පැවසීය.

මූලාශ්‍රය: THE TIMES OF INDIA

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website