මැදපෙරදිග යුධ ගැටුම් ආරම්භවීමෙන් පසු මගී ගුවන් යානා දෙකක් ඩුබායි සහ සාජා වෙත පියාසර කරයි

මැදපෙරදිග කලාපයේ යුධ ගැටුම් ආරම්භ වීමෙන් පසු අත්හිටුවා තිබූ ගුවන් ගමන් යළි ආරම්භ කරමින් පළමු ගුවන් යානා දෙක අද (03)  කටුනායක ගුවන් තොටුපොළෙන් ඩුබායි සහ සාජා බලා පියාසර කළ බව කටුනායක ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා සඳහන් කළේය.

සීමිත කාලසීමවක් සඳහා මැදපෙරදිග ගුවන් කළාපය විවෘත වන අතර එම කාලසීමාවේදී මෙලෙස ගුවන් යානා මැදපෙරදිග වෙත පියාසර කරන බව ඔහු පැවසුවේය.

මගීන් 47 දෙනකු සහ කාර්ය මණ්ඩලයේ 10  දෙනකු සමඟ Fits Air ගුවන් සේවයට අයත් 8D 821 ගුවන් යානය අද පස්වරු 01.20ට ඩුබායි ඩුබායි බලා පියාසර කළ අතර Air Arabia ගුවන් සේවයට අයත් G-9509 දරණ ගුවන් යානය අද සවස 04.45ට සාජා නුවර බලා බලා පියාසර කළේය. මෙම ගුවන් යානය තුළ ගුවන් මගීන් 44 දෙනෙකු සහ ගුවන් යානා කාර්යය මණ්ඩලය 10 දෙනෙකු ගමන් කළ බව කටුනායක ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website