ලිට්‍රෝ සහ ලාෆ් ගෑස් සැපයුම ඉහළ යයි – වෙළෙඳපොළ හිඟය අවසන් වන ලකුණු

LP ගෑස් මෙට්‍රික් ටොන් 3700ක් රැගත් තවත් නෞකාවක් අද (27) දිවයිනට පැමිණීමට නියමිත අතර මේ සමඟ පෙබරවාරී මාසය සඳහා ආනයනය කරන ලද මුළු ගෑස් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 28,000 ඉක්මවන බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති චන්න ගුණවර්ධන මහතා පවසයි.

මෙම තොගය බෙදා හැරීම හෙට (28) උදෑසන ආරම්භ කරන බව පැවසූ ගුණවර්ධන මහතා ලිට්‍රෝ සමාගම සිය දෛනික වෙළඳපොළ මුදා හැරීම මෙට්‍රික් ටොන් 1,200 සිට මෙට්‍රික් ටොන් 1,700 දක්වා වැඩි කිරීමට ද පියවර ගෙන තිබෙන බව ද සඳහන් කළේය.

මේ අතර, ලාෆ්ස් ගෑස් පීඑල්සී විසින් ආනයනය කරන ලද LP ගෑස් මෙට්‍රික් ටොන් 3,500 ක් රැගත් නෞකාවක් හෙට දිවයිනට ළඟා වීමට නියමිත බව ලාෆ්ස් ගෑස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී නලින්ද කුරුකුලසූරිය මහතා පැවසුවේය.

මෙම නෞකාව සඳහා ගෑස් පැටවීමේ ක්‍රියාවලිය මේ වන විට මාලදිවයිනේ සිදුවන බව කී කුරුකුලසූරිය මහතා ස්ථාවර සැපයුමක් සහතික කිරීම සඳහා අතිරේක යාත්‍රා හතරක් දැනටමත් ඇණවුම් කර ඇති බව ද පැවසුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website