රුසියානු තානාපතිවරයා ජනාධිපති ලේකම් හමු වෙයි

ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩුවේ තානාපති Levan S. Dzhagaryan මහතා අද (25) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා හමු විය.

දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම සහ දෙරටටම බලපාන පොදු කරුණු පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණි. එමෙන්ම, සංචාරක, වෙළෙඳ, තාක්ෂණික ඇතුළු ප්‍රධාන ක්ෂේත්‍රවල සහයෝගීතාව පිළිබඳවද අවධානය යොමු විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website