මාර්තු මාසයේ දී ප්‍රමිතිගත ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලියක් හඳුන්වා දෙන බව කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පවසයි.
වර්තමාන ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලියට වෙනස්කම් හඳුන්වා දීමට කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය තීරණය කර ඇති බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේය.
“වර්තමානයේ ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීම ඉතා සංකීර්ණ ක්‍රියා පටිපාටියක් බවට පත්ව සිටිනවා. අදාළ ක්‍රියා පටිපාටිය සඳහා අයදුම්කරුවන් ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත විවිධ ලේඛන ඉදිරිපත් කළ යුතුයි. ව්‍යාපාර ලියාපදිංචි කිරීමේදී විවිධ ප්‍රාදේශීය ලේකම් කාර්යාල විවිධ ක්‍රියා පටිපාටි අනුගමනය කරනවා. එමඟින් නොගැළපීම් ඇති වෙනවා. එබැවින්, එවැනි නොගැළපීම් හේතුවෙන් ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අපේක්ෂා කරන පුද්ගලයින් බොහෝ විට විවිධ දුෂ්කරතාවයන්ට මුහුණ දෙනවා. මෙම ක්‍රියාවලිය වඩාත් සුමට හා කාර්යක්ෂම කිරීම වෙනුවෙන් මාර්තු මාසයේ දී ප්‍රමිතිගත ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලියක් ස්ථාපිත කිරීමට පියවර ගන්නවා” නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසුවේය.














