කොළඹ මහ නගර සභා බල ප්‍රදේශවල විශේෂ තෙදින ඩෙංගු මර්දන වැඩසටහනක් අද (24) ආරම්භ කරන බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වැඩබලන අධ්යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා පැවසීය.
ඩෙංගු රෝගීන් වැඩි සංඛ්‍යාවක් සිටින ප්‍රදේශවල ඉලක්කගත ඩෙංගු මර්දන ක්‍රියාකාරකම් ක්‍රියාත්මක කරන බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, ප්‍රජා පොලිස් ඒකක සහ අනෙකුත් කණ්ඩායම් ඇතුළු කණ්ඩායම් මෙම ව්‍යාපාරයට සහභාගී වන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
වර්තමානයේ දිවයිනේ වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කයෙන් බව කී කන්නන්ගර මහතා මේ වසරේ මේ දක්වා කොළඹ මහ නගර සභා බල ප්‍රදේශය තුළ පමණක් ඩෙංගු රෝගීන් 889ක් වාර්තා වී තිබෙන බව සඳහන් කළේය.
2026 වර්ෂයේ මේ දක්වා දිවයින පුරා ඩෙංගු රෝගීන් 12,165 ක් වාර්තා වී තිබෙන අතර මාතර, ගාල්ල සහ මහනුවර යන ප්‍රදේශවලින් ද ඉහළ ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇති බව වෛද්‍ය කන්නන්ගර මහතා වැඩිදුරටත් පැවසීය.















