වාහන ආනයන බදු වැඩිකිරීම සම්බන්ධයෙන් පැතිර යන සාවද්‍ය ප්‍රකාශවලට නොරැවටෙන ලෙස මුදල් නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත මහතා ජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කරයි.
වාහන විකුණා ගැනීමේ උපක්‍රමක් ලෙස මේ සම්බන්ධයෙන් සාවද්‍ය ප්‍රකාශ ප්‍රචාරය කළ හැකි බවත් සත්‍ය තොරතුරු මත පදනම්ව තීරණ ගන්නා ලෙසත් අමාත්‍යවරයා ගැනුම්කරුවන්ගෙන් ඉල්ලා සිටියේය.
වාහන ආනයන බදු වැඩිකිරීම සම්බන්ධයෙන් බිය නොවන ලෙසත්, ඒ සඳහා කිසිදු අතිරේක බද්දක් පනවා නොමැති බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.
අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, ආනයනික වාහන සම්බන්ධයෙන් පවතින මෙම ගැටලුවට හේතුව වී ඇත්තේ සමාජ ආරක්ෂණ බද්ද වාහන අලෙවියේ දී වෙනුවට ආනයනය කෙරෙන රේගු අවස්ථාවේ දී අය කිරීමට තීරණය කිරීම බවයි.










