හෙට (19) පෙ.ව 06.00 දක්වා මේ ප්‍රදේශවලට නළ ජලය නැහැ – මණ්ඩලයෙන් නිවේදනයක්

අඹතලේ සිට දෙහිවල දක්වා ජලය සපයන ප්‍රධාන ජල සැපයුම් මාර්ගයේ හදිසි බිඳවැටීමක් හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවා ඇතැයි ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පැවසුවේය.

මොරටුව, රාවතාවත්ත, සොයිසා පුර, රත්මලාන, ගල්කිස්ස, දෙහිවල, වැල්ලවත්ත, පාමංකඩ, මුල්ලේරියාව, කොළොන්නාව යන ප්‍රදේශවලට මේ වන විට ජල සැපයුම අත්හිටුවා ඇති අතර අඩු පීඩන තත්ත්වයක් යටතේ බත්තරමුල්ලට ජල සැපයුම ලබා දීමට පියවර ගෙන

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ හෙට (19) උදෑසන 6ට පෙර ජල සැපයුම යථාතත්ත්වයට පත්කිරීමට අපේක්ෂා කරන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
aravindaya
yathra
Search this website