කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය යටතේ වන විෂය පථයට අදාළව 2026 වර්ෂය තුළදී නව නීති කිහිපයක් හඳුන්වා දීමටත්, දැනට පවත්නා නීති කිහිපයක් සංශෝධනය කිරීමටත් සැලසුම් කර ඇත.
ඒ අනුව, පහත සඳහන් පරිදි නව නීති හඳුන්වා දීමටත්, පවතින නීති සංශෝධනය කිරීමටත් කාන්තා හා ළමා කටයුතු අමාත්‍යවරිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී
- ළමයින්ට එරෙහි සයිබර් අපරාධ ආමන්ත්‍රණය කරන නව නීතියක් හඳුන්වා දීම.
- ‘ළමා අයිතිවාසිකම් පනත’ ලෙස එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් පිළිබද ප්රඥප්තියට අනුගතව නව පනතක් හඳුන්වා දීම.
- 2005 අංක 34 දරන ගෘහස්ථ ප්රචණ්ඩ ක්‍රියා වැළැක්වීමේ පනත ඉවත් කර, ඒ වෙනුවට නව පනතක් හඳුන්වා දීම.
- කැපකරු මාපිය රැකවරණය සඳහා නව නීතියක් සම්පාදනය කිරීම.
- 1939 අංක 48 දරන ළමයින් සහ තරුණ තැනැත්තන් ආඥාපනත සංශෝධනය කිරීම.
- 1941 අංක 24 දරන ළමයින් දරුකමට හදා ගැනීමේ ආඥාපනත සංශෝධනය කිරීම.
- 1998 අංක 50 දරන ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පනත සංශෝධනය කිරීම.











