පිළිකා ඖෂධ වෙළෙඳපොළේ ඇතැයි සඳහන් කරමින් ඒ පිළිබඳ විමර්ශනයක් පවත්වන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් සහ වෛද්‍ය චමල් සංජීව යන මහත්වරු විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (26) පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.
පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් මුජිබර් රහුමාන් මහතා පවසා සිටියේ බෙහෙත්වල ගුණාත්මකභාවය සහ එය ලියාපදිංචි කර ඇත්දැයි සොයා බැලීම ආණ්ඩුවේ වගකීමක් බවයි.
පිළිකා රෝහල තුළ පමණක් පිළිකා ඖෂධ කාණ්ඩ 40කට ආසන්න ප්‍රමාණයක ප්‍රමාණවත් තරම් තොග නොමැති වීම නිසා එම ඖෂධ අධික මිල ගණන් යටතේ බාහිරින් මිල දී ගැනීමට සිදුව ඇති අතර එසේ මිල දී ගන්නා ඖෂධවල ගුණාත්මකභාවය පිළිබඳ ගැටලු පවතින බව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කළේය.














