හෙරොයින් සමඟ සැකකරවෙකු අත්අඩංගුවට

කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් අද (11) දින පොළොන්නරුව පොලිස් වසමේ සුදුනෙළුම්ගම ප්‍රදේශයේ සිදුකළ වැටලීමක් මගින් හෙරොයින් ග්‍රෑම් 205 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

අනාවරණය කරගත් තොරතුරකට අනුව මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු පොළොන්නරුව මඩකලපුව මාර්ගයේ සුදුනෙලුම්ගම ප්‍රදේශයේ කසළ අංගනයක් ආසන්නයේ සිටින බව හෙලිදරව් කරගැනීමට කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයට හැකිවීමෙන්  එම ප්‍රදේශයට ගොස් විමර්ශන සිදුකර අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ. සැකකරු වයස අවුරුදු 41 ක් වන අළුත්වැව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

පොළොන්නරුව පොලිස් ස්ථානය මගින් සැකකරු සම්බන්ධව වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website