E – Visa මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගය ගැන ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නියෝගය

පසුගිය රජය සමයේ විද්‍යුත් වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය පෞද්ගලික සමාගම්වලට පැවරීමට එවකට පැවති අමාත්‍ය මණ්ඩලය ගෙන තිබූ තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ඉදිරිපත් කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම් පෙබරවාරි මස 09 වන දා යළි කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග අද (20) කළේ ය.

මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් අචල වෙංගප්පුලි, සම්පත් අබේකෝන් සහ සම්පත් විජේරත්න යන විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේ දී මෙම නියෝගය නිකුත් කළේය.

මෙම නඩුකරවල පළමු වන වග උත්තරකරු ලෙස නම් කර සිටින ආගමන හා විගමන හිටපු පාලක හර්ෂ ඉලුක්පිටිය වෙනුවෙන් පෙනී සිටීම සඳහා ඉදිරිපත් කර තිබූ “පෙරකලාසිය” ඉවත් කර ගන්නා බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් විවේකා සිරිවර්ධන ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නාය.

ඒ අනුව, එම වග උත්තරකරු වෙනුවෙන් නීතිපතිවරයා තවදුරටත් පෙනී නොසිටින බවත් ඇය අධිකරණයට දැනුම් දුන්නා ය.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම්.ඒ. සුමන්දිරන්, පාඨලී චම්පික රණවක සහ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් ඇතුළු පිරිසක් විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනුකර තිබුණේය.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website