එරාවුර් , කළුවන්කේණි ප්‍රදේශයෙන් ඊයේ (28) දින මසුන් ඇල්ලීම සඳහා මුහුදු ගිය බෝට්ටුවක් පෙරළීමෙන් එහි සිටි පුද්ගලයෙකු දියේ ගිලී අතුරුදන් වී ඇති බවට ඔහුගේ සහෝදරයා විසින් එරාවුර් පොලිස් ස්ථානයට කරන ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර ඇත.
අතුරුදහන් පුද්ගලයා වයස අවුරුදු 21 ක් වූ කළුවන්කේණි ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. අතුරුදන් පුද්ගලයා සොයා එරාවුර් පොලිසිය විසින් සෝදිසි මෙහෙයුම් ආරම්භ කර ඇත.












