කළු ගඟට පැන්න බව කියන ගණකාධිකාරිවරයා සොයා මෙහෙයුමක්

ගණකාධිකාවරයෙකු කළුතර පාලමෙන් කළු ගඟට පැන ඇති බවට ලැබුණු දැනුම් දීමක් මත කිමිඳුම්කරුවන් සහ නාවික හමුදා ජීවිත ආරක්ෂක නිලධාරීන් කළුගගේ මෙහෙයුමක් දියත් කළ බව දකුණු කලුතර පොලිසිය පවසයි.

ගණකාධිකාරිවරයා පාළම දෙසට ගමන් කරන අයුරු අසල වෙළෙඳ සැලක් CCTV කැමරාවක සටහන්ව ඇති බව ද පොලීසිය පැවසීය.

කාන්තාවක විසින් කළුතර දකුණ පොලීසියට කළ දැනුම්දීමක් මත මෙම මෙහෙයුම දියත් කළ බව පැවසූ පොලිසිය කළුතර උතුර ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි ගණකාධිකාරිවරයෙකු අතුරුදන් බවට තොරතුරු ලැබී ඇති බවත්, ඔහුගේ ජංගම දුරකථනය පාළම මත තිබී හමුව ඇති බවත් සඳහන් කරයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website