2026 වසර සඳහා නිකුත් කළ Henley Passport Index හි ශ්‍රේණිගත කිරීම් 101න් 93 වන ස්ථානයට ශ්‍රී ලංකාව පත්ව ඇත. සිංගප්පූරුව පළමු ස්ථානයටත් ජපානය සහ දකුණු කොරියාව දෙවන ස්ථානයට පත්ව ඇති අතර, ඩෙන්මාර්කය සහ ලක්සම්බර්ග් තුන්වන ස්ථානයට පත්ව ඇත.
ඇෆ්ගනිස්ථානය අවසන් ස්ථානයට පත්ව ඇති අතර දර්ශකයේ ශ්‍රී ලංකාවට පහළින් සිටින්නේ රටවල් 11ක් පමණක් වුව ද ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍රය තවමත් සෙසු සාර්ක් රටවල් වන නේපාලය, බංග්ලාදේශය සහ පකිස්ථානයට වඩා ඉහළින් සිටී.
Henley Passport Index අනුව, පසුගිය වසරේ රටවල් 44කට ප්‍රවේශය ලබා ගනිමින් ශ්‍රී ලංකාව 96 වන ස්ථානයට පත්ව සිටි අතර මෙම වසරේ එම අගය 39 ක් විය.
Henley Passport Index ලෝකයේ සියලුම විදේශ ගමන් බලපත්‍ර ශ්‍රේණිගත කරන්නේ ඒවායේ හිමිකරුවන්ට පූර්ව වීසා බලපත්‍රයක් නොමැතිව ප්‍රවේශ විය හැකි ගමනාන්ත ගණන අනුව ය.
















