නිවුන්හැල්ලගේ දෝන නිරෝධා නිවුන්හැල්ල නොහොත් නිරෝධා ලෙස හඳුන්වනු ලබන ශ්‍රී ලාංකික කාන්තාවක් බ්‍රිතාන්‍යයේ, කාඩිෆ්හි වීදියකදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකකරුව සිටි ඇගේ සැමියා වන තිසර වේරගලට නැමැත්තා අධිකරණය හමුවේ වරද පිළිගෙන තිබේ.
බ්‍රිතාන්‍යයේ පෙන්ට්වින් හි, වෙසෙන සැකකාර තිසර වේරගලගේ මීට පෙර මෙම ඝාතනය ප්‍රතික්ෂේප කළ නමුත් පසුගිය සඳුදා නිව්පෝර්ට් ක්‍රවුන් අධිකරණයේ පැවති නඩු විභාගයකදී ඔහු එම වරද පිළිගත්තේය.
ඔහු මීට පෙර තලයක්/තුඩ සහිත ආයුධයක් ළඟ තබා ගැනීමේ චෝදනාව පිළිගෙන තිබිණි.
නිවුන්හැල්ලගේ දෝන නිරෝධා නිවුන්හැල්ල නොහොත් නිරෝධා ලෙස හඳුන්වනු ලබන, 32 හැවිරිදි කාන්තාව 2025 අගෝස්තු 21 වන දින රිවර්සයිඩ් හි දකුණු මෝගන් හිදී ඝාතනය කොට තිබුණි.
නිරෝධාගේ මව මීට පෙර බීබීසී සිංහල වෙත පැවසූ පරිදි ඇය ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් තිසර වේරගල සමඟ ඇය 2017 වසරේදී විවාහා වී ඇති අතර ඔවුන් 2022 වසරේ බ්‍රිතාන්‍යය බලා ගොස් තිබිණි.
පසුගිය වසරේ ඇයගේ මරණය පිළිබඳ පරීක්ෂණයකදී අසන්නට ලැබුණේ ඇගේ සිරුර දකුණු මෝගන් හිදී මෝටර් රථ දෙකක් අතර තිබී හමුවූ බවයි. පශ්චාත් මරණ පරීක්ෂණයෙන් ඇයගේ මරණයට මූලික හේතුව ලෙස හෙළි වූයේ බහුවිධ තියුණු තුවාල සිදුවී තිබීමයි.
ඝාතක තිසර වේරගලට ලබන පෙබරවාරි 20 වැනිදා එරට අධිකරණය මඟින් දඬුවම් නියම කිරීමට නියමිතය.
Source: bbc.com -sinhala












