සම්බා සහ කීරි සම්බා වී මිලදී ගැනීමේ අවම මිල ඉහළට – නව මිල ගණන් මෙන්න

සම්බා සහ කීරි සම්බා වී මිලදී ගැනීමේ අවම මිල ඉහළ නංවීමට පසුගිය දා රැස් වූ කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී ඇත.

මේ සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඊයේ (13) නිකුත් කළ නිවේදනයේ මෙසේ සඳහන් වේ. “වී අලෙවි මණ්ඩලය විසින් 2025 යල කන්නයේ දී නාඩු, සම්බා සහ කීරි සම්බා වී කිලෝ එකක් පිළිවෙළින් රුපියල් 120ක්, රුපියල් 125ක් සහ රුපියල් 132ක් ලෙස මිලදී ගෙන තිබේ.

ඉදිරි කන්නවලදී සම්බා සහ කීරි සම්බා වගා කිරීම ප්‍රවර්ධනය කිරීම අරමුණු කර ගනිමින් එම වී වර්ග මිලදී ගැනීම සඳහා දැනට පවතින අවම මිල ගණන් ඉහළ නැංවීම සුදුසු බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් විසින් පත්කරනු ලැබ ඇති මිල කමිටුව විසින් නිර්දේශ කරනු ලැබ ඇත.

එම නිර්දේශ මත පදනම්ව, ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුව විසින් නියමිත ප්‍රමිතියෙන් යුත් නාඩු  වී කිලෝවක් මිලදී ගැනීමේ අවම මිල රුපියල් 120 ලෙස තව දුරටත් පවත්වා ගෙන යාමටත්, සම්බා වී කිලෝවක් මිල දී ගැනීමේ අවම මිල රුපියල් 125  සිට 130 දක්වා සහ කීරි සම්බා වී කිලෝවක් මිලදී ගැනීමේ අවම මිල රුපියල් 132 සිට රුපියල් 140 දක්වා ඉහළ නැංවීමටත් තීරණය කරනු ලැබ ඇති බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමා විසින් අමාත්‍ය මණ්ඩලය දැනුම්වත් කරන ලදුව, ඒ සඳහා  අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ලබාදීමට තීරණය කරන ලදි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website