පාන්, බනිස් මිල වැඩි කරනවා වාගේ හිතූමතේ විදුලි ගාස්තු වැඩි කරන්න දෙන්න පුළුවනකමක් අපට නැහැ. නීතිය යටතේ අදාළ පාර්ශ්වකරුවන්ගෙන් ලිඛිත ඉදිරිපත් කිරීම් සඳහා අවම වශයෙන් දින 21ක්වත් ලබා දීමට මහජන උපයෝගීතා කොමිෂන් සභාවට අවශ්‍යයි. මෙම කාලය සඳහා පමණක් සති තුනක් පමණ ගත වන අතර, සියලු ක්‍රියාවලීන් ඉහළම කාර්යක්ෂමතාවයෙන් හසුරුවා තිබුණත් සමාලෝචනය සම්පූර්ණ කිරීමට අවම වශයෙන් සති හතරක් අවශ්‍යයි.” ජයනාත් හේරත් වැඩි දුරටත් පැවසුවේ ය.
ලංකා විදුලි බල මණ්ඩලය පසුගිය දෙසැම්බර් 24 වැනිදා Proposal for Quarterly Electricity Tariff Review – 1st Quarter of 2026 (කාර්තුමය විදුලි ගාස්තු සමාලෝචනය සඳහා යෝජනාව – 2026 පළමු කාර්තුව) යන මාතෘකාව යටතේ ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත ලිපියක් යොමු කළේය. ඒ අනුව 2026 ජනවාරි 01 වැනිදා සිට මාර්තු 31 දක්වා වන කාලය සඳහා පවතින ගාස්තු යටතේ ලංකා විදුලිබල මණ්ඩලයට ලැබෙනු ඇතැයි ඇස්තමේන්තු කර ඇති ආදායම සහ අපේක්ෂිත පිරිවැය අතර රුපියල් මිලියන13,094ක ආදායම් හිඟයක් පවතින බැවින් සමස්ත විදුලි ගාස්තුව 11.57%ක ප්‍රතිශතයකින් ඉහළ නැංවිය යුතු බව විදුලිබල මණ්ඩලය මහජන උපයෝගීතා කොමිෂමට යෝජනා කළේය.
ලංවිම සිය යෝජනාවලියේ සඳහන් කර ඇති ආකාරයට අදාළ කාලය තුළ පවතින ගාස්තු යටතේ ලංකා විදුලිබල මණ්ඩලයට ලැබෙනු ඇතැයි ඇස්තමේන්තු කර ඇති ආදායම රුපියල් මිලියන 113,161ක් වන අතර පේක්ෂිත පිරිවැය රුපියල් මිලියන 137,016කි. ඒ අනුව අදාළ කාලය තුළ රුපියල් මිලියන 13,094ක ආදායම් හිඟයක් පවතින බැවින් රුපියල් මිලියන 13,094ක ආදායම් හිඟය පියවා ගැනීම සඳහා සමස්ත විදුලි ගාස්තුව 11.57%ක ප්‍රතිශතයකින් ඉහළ නැංවිය යුතු බව විදුලිබල මණ්ඩලය යෝජනා කළේය.
- විදුලි බිල වැඩි කරන ආකාරය
යෝජිත සංශෝධනයට අනුව ගෘහස්ථ කාණ්ඩයේ පළමු විදුලි ඒකක 60 දක්වා අදියර දෙකක් යටතේ ගාස්තු සංශෝධනය වන අතර මුල් ඒකක 30ට අදාළව එක් විදුලි ඒකකයක් සඳහා දැනට අය කරන රුපියල් 4.50ක ගාස්තුව රුපියල් 5.29ක් දක්වා වැඩිවීමට යෝජිතය. එම කාණ්ඩයේ මාසික ගාස්තුවද රුපියල් 80 සිට රුපියල් 94.11 දක්වා රුපියල් 14.11කින් ඉහළ යනු ඇත.
- ඒකක 31 සිට 60 දක්වා, එක් ඒකකයකට අයකෙරෙන රුපියල් 8ක ගාස්තුව රුපියල් 9.41 දක්වා ඉහළ නැංවීමට යෝජනා කර ඇති අතර එහි මාසික ස්ථාවර ගාස්තුව රුපියල් 37.03 කින් ඉහළ යන අතර එහි යෝජිත ගාස්තුව රුපියල් 247.03කි.
- ඒකක 61 සිට 90 දක්වා කාණ්ඩයේ ඒකකයකට දැනට අය කරන රුපියල් 18.50ක ගාස්තුව රුපියල් 21.76 දක්වා වැඩි කිරීමට යෝජිත අතර ඒකක 91 සිට 120 දක්වා ඒකකයකට අය කරන රුපියල් 24ක ගාස්තුව ද රුපියල් 28.23 දක්වා ඉහළ නැංවීමට යෝජනා කර තිබේ.
- ඒකක 121 සිට 180 දක්වා කාණ්ඩයේ ඒකකයක් සඳහා අය කරන රුපියල් 41ක ගාස්තුව ද රුපියල් 48.23ක් දක්වා ඉහළ දැමීමටත් ඒකක 181 හෝ ඊට වැඩි ඒකකයක් සඳහා පැවති රුපියල් 61ක ගාස්තුව රුපියල් 71.76 දක්වා ඉහළ දැමීමටත් ලංවිම යෝජනා කර ඇති අතර මෙම කාණ්ඩවල මාසික ස්ථාවර ගාස්තු ද මීට සමගාමීව ඉහළ නැංවීමට මෙම යෝජනා අතර තිබේ.
- ආගමික ස්ථාන හා පුණ්‍යායතන සඳහා විදුලි ගාස්තු ද ඉහළ දැමීමට විදුලිබල මණ්ඩලය මහජන උපයෝගිතා කොමිසමට යෝජනා කර ඇති අතර එහි පළමු ඒකක 30 සඳහා ඒකකයකට අයකරන රුපියල් 4.50ක ගාස්තුව රුපියල් 5.29 දක්වා ඉහළ දැමීමට යෝජිත අතර, රුපියල් 75 ක්ව පැවති මාසික ගාස්තුව ද , රුපියල් 88.23 දක්වා ඉහළ නැංවීමට යෝජිතය.
- ඒකක 31 සිට 90 දක්වා ඒකකයක මිල ද ඉහළ දැමීමට යෝජනා කර ඇති අතර එම කාණ්ඩයේ මාසික ගාස්තුව ද රුපියල් 35.27කින් ඉහළ නැංවීමට යෝජනා කර ඇත.
- ඒකක 91 සිට 120 දක්වා කාණ්ඩයේ ඒකකයක මිල රුපියල් 9.41 දක්වාත්, ඒකක 121 සිට 180 දක්වා කාණ්ඩයේ ඒකකයක මිල රුපියල් 22.35 දක්වාත් ඉහළ නැංවීමට ලංවිම අවසර ඉල්ලා ඇති අතර ඒකක 181 හෝ ඊට වැඩි නම් රුපියල් 26 සිට 30.59 දක්වා මිල ඉහළ දැමීමට ලංවිම අවසර ඉල්ලා ඇත.
- මීට සමගාමීව කර්මාන්ත සහ හෝටල් සඳහා විදුලි ගාස්තුද ඉහළ දැමීමට ද යෝජනා කර ඇති අතර ඒකකයක මිල රුපියල් 9.41 දක්වාත්, ඒකක 300ට වැඩි ඒකකයක මිල රුපියල් 17 සිට රුපියල් 20 දක්වාත් ඉහළ නැංවීමට ලංවිම මහජන උපයෝගීතා කොමිෂමේ අනුමැතිය ඉල්ලා ඇත.
මේ ආකාරයෙන් ගෘහස්ත, ආගමික ඇතුළු පාරිභෝගික කණ්ඩ කිහිපයක විදුලි බිල ඉහළ නැංවීමට ලංවිම මහජන උපයෝගීතා කොමිෂමේ අනුමැතිය ඉල්ලා තිබුණ ද ලංකා විදුලිබල මණ්ඩලය විසින් පවත්වාගෙන යනු ලබන විදුලි මෝටර් රථ ආරෝපණ මධ්‍යස්ථානවල ගාස්තු ඉහළ නැංවීමක් සිදු නොවේ.
2026 ජනවාරි 1 වන දින සිට ක්‍රියාත්මක කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය විදුලි ගාස්තු සංශෝධනයක් ඉල්ලා සිටිය ද, එම ක්‍රියාවලිය කඩිනමින් කළ නොහැකි බවත්, උපරිම කාර්යක්ෂමතාවයෙන් සිදු කළත් අවම වශයෙන් සති කිහිපයක් ගතවනු ඇති බවත් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සන්නිවේදන අධ්‍යක්ෂ ජයනාත් හේරත් පැවසුවේය.

- මහජන උපයෝගීතා කොමිෂමේ ප්‍රතිචාරය
2026 ජනවාරි 1 වන දින සිට ක්‍රියාත්මක කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය විදුලි ගාස්තු සංශෝධනයක් ඉල්ලා සිටිය ද, එම ක්‍රියාවලිය කඩිනමින් කළ නොහැකි බවත්, උපරිම කාර්යක්ෂමතාවයෙන් සිදු කළත් අවම වශයෙන් සති කිහිපයක් ගතවනු ඇති බවත් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සන්නිවේදන අධ්‍යක්ෂ ජයනාත් හේරත් පැවසුවේය.
“2026 ජනවාරි පළමු වැනි දින සිය විදුලි ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක කිරීම සඳහා ඕනෑම යෝජනාවක් 2025 නොවැම්බර් 14 වන දින හෝ ඊට පෙර ඉදිරිපත් කරන ලෙස 2025 ඔක්තෝබර් 22 වන දින මහජන උපයෝගීතා කොමිෂම ලංකා විදුලිබල මණ්ඩලයට දැනුම් දුන්නා. අපි එසේ කළේ අදාළ දත්ත අධ්‍යයනය කර අවශ්‍ය ක්‍රියාපටිපාටි සම්පූර්ණ කිරීමට නියාමන නිලධාරීන්ට ප්‍රමාණවත් කාලයක් ලබා දීමට යි. නමුත් ලංකා විදුලි බල මණ්ඩලය මෙම සංශෝධනය ජනවාරි 1 වන දින සිට ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටින නමුත් යෝජනාව අප වෙත එවා ඇත්තේ දෙසැම්බර් 24 වන දිනයි. මෙම ගාස්තු සංශෝධන ජනවාරි 1 වන දින සිට ක්‍රියාත්මක කිරීමට නම් එය නිසි ලෙස අධ්‍යයනය කිරීමට අවශ්‍යයි. නමුත් ඒවා නිසි ලෙස අධ්‍යයනය කිරීමට පවා ප්‍රමාණවත් කාලයක් මේ තත්ත්වය තුළ නැහැ. විදුලි ගාස්තු සංශෝධන සාමාන්‍යයෙන් අවසන් කිරීමට සති හයේ සිට අට දක්වා කාලයක් ගත වෙනවා. නමුත් අපට මෙවර එතරම් කාලයක් නැහැ. පාන්, බනිස් මිල වැඩි කරනවා වාගේ හිතූමතේ විදුලි ගාස්තු වැඩි කරන්න දෙන්න පුළුවනකමක් අපට නැහැ. නීතිය යටතේ අදාළ පාර්ශ්වකරුවන්ගෙන් ලිඛිත ඉදිරිපත් කිරීම් සඳහා අවම වශයෙන් දින 21ක්වත් ලබා දීමට මහජන උපයෝගීතා කොමිෂන් සභාවට අවශ්‍යයි. මෙම කාලය සඳහා පමණක් සති තුනක් පමණ ගත වන අතර, සියලු ක්‍රියාවලීන් ඉහළම කාර්යක්ෂමතාවයෙන් හසුරුවා තිබුණත් සමාලෝචනය සම්පූර්ණ කිරීමට අවම වශයෙන් සති හතරක් අවශ්‍යයි.” ජයනාත් හේරත් වැඩි දුරටත් පැවසුවේ ය.
මේක විදුලි බිල 33%කින් අඩුකරනවා කියලා බලයට පත් වුණ ආණ්ඩුවක්. නමුත් අපි පෙන්වා දුන් කරුණු, ජනාධිපතිවරයා හෝ ලංවිම පිළිගත්තේ නැහැ. නමුත් මහජන උයෝගීතා කොමිෂම ඒක පිළිගත්තා. නමුත් දැන් මොකද වෙලා තියෙන්නේ ?, එදා විදුලි ගාස්තු වැඩි කිරීමට යෝජනා කළ ආණ්ඩුවම දැන් කියනවා 2025 දී රුපියල් කෝටි 1000ක් ලාභයි කියලා. නමුත් ආණ්ඩුව 2025 දී කිව්වේ ලංවිමට පාඩුයි කියලා. පාඩුයි කියලා විදුලි පාරිභෝගිකයින්ව අන්දලා ගාස්තු වැඩි කරන්නයි එදා ආණ්ඩුව උත්සාහා කළේ. ඒ නිසා මාළිමාව ආණ්ඩුවට සිද්ධ වෙලා තියෙනවා අපේ තර්කය පිළිගන්න. ඒ වගේම ලංවිම මෙවර ඉදිරිපත් කරලා තිබෙන ඉලක්කමුත් අපිට පිළිගන්න පුළුවන් ඉලක්කම් නෙමෙයි” චම්පික රණවක පැවසුවේය.

- ජනතාවට තවත් බර එපා
2026 ජනවාරී – මාර්තු කාර්තුව සඳහා විදුලි බිල 13.54%කින් වැඩි කිරීමට ලංවිම කළ ඉල්ලීම දැඩිව විවේචනය කරමින් හිටපු විදුලිබල අමාත්‍යවරයෙකු වූ පාඨලී චම්පික රණවක මහතා පෙන්වා දුන්නේ පනත අනුව මාස හයෙන් හයට විදුලි බිල සංශෝධනය කිරීමට ලංවිමට අවස්ථාව තිබුණ ද වත්මන් මාළිමාව ආණ්ඩුව මාස තුනෙක් තුනට විදුලි බිල වැඩි කිරීමට මහජන උපයෝගීතා කොමිෂමෙන් ඉල්ලීම් කළ බවයි.
මේ ආකාරයෙන් විදුලි බිල වැඩි කිරීමට යන්නේ ‘පාඩු ලබන’ හෙයින් බව ආණ්ඩුව පෙන්වා දුන්න ද එකී අවස්ථාවන්හි දී ලංවිම අසීමාන්තික ලෙස ලාභ ලබමින් සිටි බව චම්පික රණවක මහතා කීවේය.
“මේක විදුලි බිල 33%කින් අඩුකරනවා කියලා බලයට පත් වුණ ආණ්ඩුවක්. නමුත් අපි පෙන්වා දුන් කරුණු, ජනාධිපතිවරයා හෝ ලංවිම පිළිගත්තේ නැහැ. නමුත් මහජන උයෝගීතා කොමිෂම ඒක පිළිගත්තා. නමුත් දැන් මොකද වෙලා තියෙන්නේ ?, එදා විදුලි ගාස්තු වැඩි කිරීමට යෝජනා කළ ආණ්ඩුවම දැන් කියනවා 2025 දී රුපියල් කෝටි 1000ක් ලාභයි කියලා. නමුත් ආණ්ඩුව 2025 දී කිව්වේ ලංවිමට පාඩුයි කියලා. පාඩුයි කියලා විදුලි පාරිභෝගිකයින්ව අන්දලා ගාස්තු වැඩි කරන්නයි එදා ආණ්ඩුව උත්සාහා කළේ. ඒ නිසා මාළිමාව ආණ්ඩුවට සිද්ධ වෙලා තියෙනවා අපේ තර්කය පිළිගන්න. ඒ වගේම ලංවිම මෙවර ඉදිරිපත් කරලා තිබෙන ඉලක්කමුත් අපිට පිළිගන්න පුළුවන් ඉලක්කම් නෙමෙයි” චම්පික රණවක පැවසුවේය.
- වියදම් මොනවා ද ?
විදුලි ගාස්තු 11.54%කින් ඉහළ දැමීමට ඉල්ලීම සාධාරණීකරණය කරමින් 2026 ජනවාරි සිට මාර්තු මාසය දක්වා වන කාලය සඳහා පවතින ගාස්තු යටතේ ලංකා විදුලිබල මණ්ඩලයට ලැබෙනු ඇතැයි ඇස්තමේන්තු කර ඇති ආදායම සහ අපේක්ෂිත පිරිවැය අතර රුපියල් මිලියන13,094ක ආදායම් හිඟයක් පවතින බව ලංවිම කියන බව චම්පික රණවක කීවේය.
“මේ වියදම් අතර තිබෙන සුවිශේෂ වියදම් කිහිපයක් අපේ අවධානයට ලක්විය යුතුයි. එක හේතුවක් ලෙස ඔවුන් කියනවා දිට්වා සුළි කුණාටුව නිසා ලංවිමට රුපියල් බිලියන 20ක පමණ පාඩුවක් වෙලා තිබෙනවා. සැපයුම විධිමත් කිරීම සඳහා ඉදිරි මාස තුනකට රුපියල් කෝටි 700ක අතිරේක වැය බරක් දැරීමට සිදුවෙනවා ඒක මේ වියදමට එකතු කරලා තියෙනවා කියලා ලංවිම කියනවා. ඒසේම සේවකයින් 2000කට අධික පිරිසක් ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගැන්වීමට අවශ්‍ය වන වැය බර පියවා ගැනීම සඳහා ලබා ගැනීමට නියමිත ණය මුදලේ පළමු ණය වාරික තුනට අදාළ රුපියල් කෝටි 90ක බරත් 11.54%ක විදුලි බිල ඉහළ දැමීම හරහා විදුලි පාරිභෝගිකයින් පිට පටවා තිබෙනවා” 11.54%ක විදුලි ගාස්තු වැඩි කිරීමේ බර ජනතාව වෙත විතැන්ව ආකාරය තව දුරටත් පැහැදිලි කරමින් චම්පික රණවක පෙන්වා දුන්නේය.
- ආණ්ඩුව වගකීම පැහැර හැරියා
මෙහිදී මහවැලි ජලාශ නිසි පරිදි නඩත්තු නොකිරීම නිසා දිට්වා සුළි කුණාටුවෙන් ඒවාට හානි සිදු වූ බව අප අමතක නොකළ යුතු බව ද ඔහු අවධාරණය කළේය.
“දිට්වා සුළි කුණාටුවෙන් වික්ටෝරියා සහ මොරගහකන්ද ජල විදුලි බලාගාරවලට හානි වුණේ ජනාධිපතිවරයා, විදුලිබල ඇමැතිවරයා සහ වාරිමාර්ග අමාත්‍යවරයා අදාළ නිසි පියවර නොගත් නිසයි. ඔවුන්ගේ වගකීම් ඉටු නොකිරීමේ බර ජනතාව පිට දැමීම වැරදියි” හිටපු විදුලිබල අමාත්‍යවරයා යළි අවධාරණය කළේය.
මෙහිදී හිටපු අමාත්‍යවරයා පෙන්වා දුන්නේ දිට්වා සුළි කුණාටුව හේතුවෙන් විදුලි බල පද්ධතියට සිදු වූ හානි ප්‍රතිපූර්ණය කිරීම වෙනුවෙන් ජනතාව තව දුරටත් අමතර වැය බරක් නොදැරිය යුතු බවත් ජනතාව ඒ වෙනුවෙන් දැනටමත් ගෙවා ඇති බවත්ය.
“ආසියානු සංවර්ධන බැංකුව, ඉන්දියාව ඇතුළු බොහෝ තැන්වලින් දිට්වා හානිය පෙන්නලා ආණ්ඩුව ණය ලබා ගෙන තිබෙනවා. ඒ වගේම පරිත්‍යාග ලෙස තවත් අති විශාල මුදලක් උපයා ගෙන තිබෙනවා. 10.5%ක පොළියට ගත් භාණ්ඩගාර බැඳුම්කර හරහා උපයා ගත් රුපියල් ට්‍රිලියනයක් මහා භාණ්ඩාගාරයේ තියෙනවා. මේ තරම් මුදලක් ජනතාව ආණ්ඩුවට ගෙවලා තිබියදී ඇයි විදුලි බිල වැඩි කිරීම හරහා තවත් ජනතාවගෙන් ගසා කන්නේ” හිටපු අමාත්‍යවරයා ආණ්ඩුවෙන් ප්‍රශ්න කළේය.
මෙහිදී හිටපු විදුලි බල අමාත්‍ය චම්පික රණවක දැඩිව අවධාරණය කළේ දිට්වා සුළි කුණාටුව සහ ලංවිම කැබලි කිරීම හරහා දැරීමට සිදුවන බව කියන අමතර වැය බරට කර ගසන ලෙස විදුලි පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටීමට ආණ්ඩුවට කිසිම අයිතියක් නොමැති බවයි.
- මේ IMF යෝජනාවක්
මේ අතර ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ හිටපු සභාපති ජනක රත්නායක පැවසුවේ දිට්වා හි බලපෑමෙන් පසු රටේ ජනගහනයෙන් සියයට 35කට ආසන්න ප්‍රමාණයක් දිනකට ආහාර වේල් තුනක් ලබා ගැනීමට අරගල කරන අවස්ථාවක මෙම යෝජිත වැඩිවීම සිදුවන බවයි.
විදුලිබල මණ්ඩල යෝජනාව ගැන සඳහන් කරමින් රත්නායක මහතා පැවසුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් 2026 සඳහා කරන ලද දළ දේශීය නිෂ්පාදිත වර්ධන පුරෝකථනයන් මත පදනම්ව විදුලි බිල සංශෝධන සාධාරණීකරණය කර ඇති බවයි. පසුගිය වසර සඳහා විදුලිබල මණ්ඩලයේ ආදායම ආසන්න වශයෙන් රුපියල් බිලියන 470ක් වූ බව ඔහු පැවසීය.
නවතම ගාස්තු සංශෝධනයෙන් පසුව විදුලිබල මණ්ඩලය පාරිභෝගිකයින්ගෙන් වාර්තා වූ පාඩු වලින් සියයට 60ක් පමණ අයකර ගැනීමට උත්සාහ කරන බවත් ඒ අනුව, ඉදිරි මාස තුන තුළ විදුලිබල භාවිතා කරන්නන්ගෙන් රුපියල් බිලියන 7ක් පමණ අයකර ගැනීමට අපේක්ෂා කරන බවත් රත්නායක මහතා පෙන්වා දුන්නේය.
මෑත කාලීන අධික වර්ෂාපතනයක් තිබියදීත්, විදුලිබල මණ්ඩලය ජල විදුලිය වෙනුවට තාප විදුලිය භාවිතා කරමින් විදුලිබල මණ්ඩලය සියයට 60ක් පමණ ජනනය කරන බව වාර්තා කර ඇති බවත්, ගාස්තු වැඩි කිරීම සාධාරණීකරණය කිරීම තවදුරටත් ප්‍රශ්න කරන බවත් රත්නායක මහතා සඳහන් කළේය.
2026 සහ 2029 අතර කාලය තුළ සියලුම සහනදායී බදු අනුපාත ඉවත් කිරීම, සියලුම පාරිභෝගිකයින් තනි පැතලි අනුපාත ක්‍රමයක් යටතට ගෙන ඒම සහ පාරිභෝගික කාණ්ඩ අතර හරස් සහනාධාර ඉවත් කිරීම යන ඉල්ලීමක් ද විදුලි බල මණ්ඩලය විසින් මහජන උපයෝගීතා කොමිෂමට ඉදිරිපත් කළ යෝජනාවට ඇතුළත් බව මහජන උපයෝගීතා කොමිෂමේ හිටපු සභාපතිවරයා පැවසුවේය.
සටහන – භාතිය බරුකන්ද – රතුඉර පුවත්පතේ 2026 ජනවාරී 11 වැනි දා කලාපයේ ප්‍රකාශයට පත්කරන ලද ලිපියකි.












