අඩු පීඩන ප්‍රදේශය තවදුරටත් දුර්වල වෙයි – දිවයිනේ කාලගුණයට වන බලපෑම තවදුරටත් අඩු වෙයි

කාලගුණ විද්‍ය දෙපාර්තමේන්තුව අද (11) දින උදෑසන 05.30 ට නිකුත්කරන ලද නිල කාලගුණ අනාවැකි

මන්නාරම් බොක්ක ප්‍රදේශයේ පැවතින අඩු පීඩන ප්‍රදේශය තවදුරටත් දුර්වල වෙමින් පවතී. මේ හේතුවෙන් මෙම පද්ධතිය මගින් දිවයිනේ කාලගුණයට වන බලපෑම තවදුරටත් අඩු වෙමින් පවතී.

උතුරු , උතුරු-මැද, ඌව සහ නැගෙනහිර පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකි අර වයඹ සහ මධ්‍යම පළාත්වල වැසි ස්වල්පයක් ඇතිවිය හැකිය. සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකිය.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website