අද (09) පස්වරු 3.30ට පමණ කොළඹ-මහනුවර ප්රධාන මාර්ගයේ උතුවන්කන්ද බෑවුමේදී බස් රථ දෙකක් සහ ලොරි රථයක් ගැටීමෙන් එක් අයෙකු මිය ගොස් තවත් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති බව මාවනැල්ල පොලිසිය පවසයි.
මියගිය පුද්ගලයා ලොරි රියදුරු සහායක ලෙස හඳුනාගෙන ඇත. ලොරි රථයේ ගමන් කළ තවත් පුද්ගලයෙකු සහ බස් රථ දෙකෙහි මගීන් කිහිප දෙනෙකු තුවාල ලබා කෑගල්ල සහ මාවනැල්ල රෝහල්වලට ප්රතිකාර සඳහා ඇතුළත් කර ඇත.
මූලික පරීක්ෂණවලින් හෙළි වූයේ මහනුවර සිට කොළඹ බලා ධාවනය වූ ලොරි රථයක් තිරිංග ක්රියා විරහිත වීම හේතුවෙන් පාලනයෙන් ගිලිහී ගොස් ශ්රී ලංගම බස් රථයක පිටුපස ගැටීමෙන් උතුවන්කන්ද බෑවුමේදී මෙම අනතුර සිදුවී ඇති බවයි.












