තායි හිමි නමකගෙන් මුදල් සොරකම් කළ චීන ජාතික සැකකරු අත්අඩංගුවට

බැංකොක් සිට මෙරටට ගුවන් මගින් පැමිණි තායිලන්ත ජාතික හිමි නමකට අයත් මුදල් පසුම්බියක් සොරකම් කර ඇති බවට ඊයේ (06) දින ගුවන්තොටුපළ පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් මත සිදු කරන ලද විමර්ශනවලදී අදාළ හිමිනම පැමිණි ගුවන් යානයේ සිටි විදේශ ජාතිකයෙකු මෙම මුදල් පසුම්බිය සොරකම් කර ඇති බවට අනාවරණය වීමෙන් පසු කොල්ලුපිටිය ප්‍රදේශයේ කුලී නිවසක රැදී සිටියදී සැකකාර විදෙස් ජාතිකයා ඇමරිකන් ඩොලර් 10,000/ක් සහිත මුදල් පසුම්බිය ද සමඟ අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු වයස අවුරුදු 43ක් වන චීන ජාතිකයෙකු වේ. සිද්ධිය සම්බන්ධයෙන් ගුවන්තොටුපල පොලිස් ස්ථානය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website