රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව (SPMC) නිෂ්පාදනය කළ නව ඖෂධ දෙකක් වෙළෙඳපොළට

රාජ්ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව (SPMC) නිෂ්පාදනය කළ නව ඖෂධ වර්ග ද්විත්වයක් සෞඛ්‍ය අමාත්‍යවරයා වෙත  පිළිගැන්වීම ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ සභාපති මහාචාර්ය ජයන්ත විජයබණ්ඩාර මහතා විසින් (31) සෞඛ්ය අමාත්යාංශයේ දී සිදුකෙරිණි.
දේශීය හා ජාත්යන්තර වෙළෙඳපොළ සඳහා ජාත්යන්තර ප්රමිතීන්ට අනුකූලව ගුණාත්මකතාවයෙන් ඉහළ ආරක්ෂාකාරී, ක්රියාකාරී ඖෂධ නිෂ්පාදනය සහ පහසු මිලට ලබාදීමට පිහිටුවා ඇති රාජ්ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ (State Pharmaceuticals Manufacturing Corporation – SPMC) නව නිෂ්පාදන වන Methylprednisolone Tablets USP 4 mg සහ Montelukast Tablets LP 10 mg නැමැති ඖෂධ ද්විත්වය මේ අනුව වෙළෙඳපොළට හඳුන්වා දෙනු ලැබේ.
රාජ්ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව මේ වන විට ඖෂධ වර්ග 67 ක් නිෂ්පාදනය කරනු ලබන අතර, මේ වසරේ නව ඖෂධ නිෂ්පාදන 05 ක් වෙළෙඳපොළට හඳුන්වා දී ඇත. මෙම අවස්ථාවට සෞඛ්ය නියෝජ්ය අමාත්ය වෛද්ය හංසක විජේමුණි මහතා ද එක්විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website