සඳුදා සිට ඇතිවිය හැකි කාලගුණ වෙනසට මුහුණ දීමට DMC සූදානම් වෙයි

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් පුරෝකථනය කරන ලද පරිදි සඳුදා (29) සිට වර්ෂාපතනයේ පුරෝකථනය කර ඇති වැඩිවීමක් සැලකිල්ලට ගනිමින් හදිසි ආපදා තත්ත්වයකට මුහුණ දීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් සම්පත් කොටුවෙගොඩ මහතා පැවසුවේය.

ඊසානදිග මෝසම් කාලය තුළ ඇති විය හැකි ආපදා අවදානම් අවම කිරීම සඳහා මෙම පූර්වාරක්ෂක පියවර ගන්නා බව මේජර් ජෙනරාල් කොටුවේගොඩ පැවසීය. ඔහු මහජනතාවගෙන් විමසිලිමත්ව සිටින ලෙසත් බලධාරීන් විසින් නිකුත් කරන ලද ආරක්ෂක උපදෙස් පිළිපදින ලෙසත් ඉල්ලා සිටියේය.

ත්‍රිවිධ හමුදා, පොලීසිය සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව ඇතුළු අදාළ බලධාරීන්ට සීරුවෙන් සිටින ලෙස දැනුම් දී ඇති බව කී අධ්‍යක්ෂ ජනරාල්වරයා හදිසි ප්‍රතිචාර දැක්වීමේ සැලසුම්වලට අනුකූලව නාවික හමුදා, ගුවන් යානා සහ බෝට්ටු ද සූදානම් කර ඇති බව ද කීවේය.

29 වැනිදා සිට තරංගාකාර සුළං ප්‍රවාහයක් හේතුවෙන් වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දන්වා ඇති බවත් ඒ අනුව සාමාන්‍ය තතත්ත්වයට වඩා ඉහළ තත්ත්වයක වැසි උතුරු, උතුරු මැද, මධ්‍යම, නැගෙනහිර සහ ඌව ප්‍රදේශවලට ඇදහැලිය හැකි බවට ඔවුන් පෙන්වා දී ඇති බවත් සඳහන් කළ කොටුවේගොඩ මහතා මේ අනුව සිදුවිය හැකි ආපදා සම්බන්ධව අවධානය යොමු කරමින් ඉන් ආරක්ෂා වීම සඳහා ඉහත පියවර ගන්නා බව සඳහන් කළේය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website