කෘෂිකර්ම ඇමැති සුළි කුණාටුවෙන් විනාශයට පත් මාවිල්ආරු සහ නීල බැම්ම ව්‍යාපාරයේ නිරීක්ෂණ චාරිකාවක

කෘෂිකර්ම, පශු සම්පත්, වාරිමාර්ග සහ ඉඩම් අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා පසුගිය දා  දිත්වා සුළි කුණාටුව හේතුවෙන් විනාශයට පත් මාවිල්ආරු අමුණ, නීල බැම්ම සහ අලෙහි මහවැලි වැව් බැම්ම නිරීක්ෂණය කළේය.

මහවැලි ගඟේ ආරක්ෂණ බැම්ම කැඩී යාම හේතුවෙන් කුඹුරු අක්කර 9000ක් පමණ හානියට පත්ව ඇත.

මෙහිදී අමාත්‍යවරයා සමඟ අදහස් සිය ගැටලු හෙළි ගොවීන්ගේ ඉල්ලීම වූයේ ආරක්ෂණ බැම්ම අඩි පහක් පමණ උස්කර ඉදිකර දෙන ලෙසයි. මෙම ආරක්ෂණ බැම්ම ඉදිකිරීමේදී වන සතුන්ටත් යා හැකි පරිදි යම් ස්ථානයක් සකස් කිරීම යෝග්‍ය බව ද ඔවුහු පෙන්වා දුන්හ.

ඉතා ඉක්මනින් මෙය නිම කිරීම පිළිබඳව අදහස් ලබා ගැනීම සඳහා මෙන්ම ගොවි ගැටලු සාකච්චා කිරීම සඳහා ගොවි හමුවකට ද මෙම සංචාරය අතරතුර අමාත්‍යවරයා සහභාගී වූවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website