ජනප්‍රිය නිළි පියුමි හංසමාලිට එරෙහිව කොළඹ මහාධිකරණයේ අධිචෝදනා ගොනු කිරීමට පියවර ගනිමින් සිටින බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නීතිඥ දිනේෂ් පෙරේරා මහතා පසුගිය දා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයාට දැනුම් දුන්නේය.
රජයට රුපියල් මිලියන 225ක බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් ලෝලියා ස්කින් කෙයාර් (සම සුදු කිරීමේ ක්‍රීම් අලෙවි කරන පෞද්ගලික සමාගමක්) හිමිකාරිය වන පියුමි හංසමාලිට එරෙහිව අධිචෝදනා ගොනු කිරීමට නියමිත බව ද ඔහු අධිකරණයට දැනුම් දුන්නේය.
කෙටි කාලයක් තුළ කෝටිපතිනියක් බවට පත් වූ බව කියන පියුමි හංසමාලිට නීතිපතිවරයාගේ උපදෙස් මත මහාධිකරණයේ අධිචෝදනා ගොනු කිරීමට සිදුවන බව ද නීතිඥ පෙරේරා වැඩි දුරටත් අධිකරණය ඉදිරියේ පැවසුවේ ය.












