ආපදාවට පත් වූවන්ට ලබාදෙන රුපියල් 25,000 දීමනාව ගැන රජයෙන් ප්‍රකාශයක්

දිට්වා සුළි කුණාටුවෙන් ආපදාවට පත් වූවන්ට සිය නිවාස පිරිසිදු කරගෙන යළි පදිංචියට යාමට ලබා දෙන රුපියල් 25,000 දීමනාව 50%කට ලබා දී අවසන් බව ස්‍යෙඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

අද (16) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසුවේය.

මෙම සහන ලබා දීමේ ක්‍රියාවලිය වේගවත් කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ දිස්ත්‍රික් ලේකම්වරු අතර විශේෂ සාකච්ඡාවක් මෙම සතියේදී පැවැත්වීමට නියමිත බවද අමාත්‍යවරයා පැවසීය.

ආපදාවට පත් පිරිස අතුරින් ගම්පහ දිස්ත්‍රික්කය තුළ 73.4%කට, රත්නපුර 68.39%, මාතලේ 65.28%කට අනුරාධපුර 70.05%කට කුරුණෑගල 61.42%කට ආදී ලෙස වන්දි මේ වන විටත් ලබා දී අවසන් බවත් කැබිනට් ප්‍රකාශකවරයා සඳහන් කළේය.

ජනතාවට කිසිදු ගැටලුවක් නොමැතිව කඩිනමින් මෙම සහන ලබා දීම රජයේ බලාපොරොත්තුව බවත් ඉදිරි සතිය තුළදී මෙම ආපදා සහන ලබා දී අවසන් කිරීමට බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website