ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය: නිෂ්පාදන සහ සේවා ක්‍රියාකාරකම්වල වර්ධනයක්

2025 නොවැම්බර් මාසයේ දී ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක මගින් නිෂ්පාදන සහ සේවා ක්‍රියාකාරකම්වල වර්ධනයක් පෙන්නුම් කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

නිෂ්පාදන අංශයේ ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2025 නොවැම්බර් මාසයේ දී දර්ශකාංක 55.5ක අගයක් වාර්තා කළේය. මෙමගින් පසුගිය මාසයට සාපේක්ෂව නිෂ්පාදන කටයුතුවල වර්ධනයක් පෙන්නුම් කරන අතර, ඒ සඳහා සියලු උප දර්ශක ධනාත්මකව දායක වී ඇත.

සේවා අංශයෙහි ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය, පෙර මාසයට සාපේක්ෂව සේවා ක්‍රියාකාරකම්වල මන්දගාමී වර්ධනයක් පෙන්නුම් කරමින්, 2025 නොවැම්බර් මාසයේ දී දර්ශකාංක 50.5ක අගයක් වාර්තා කළේය.

ආදාළ නිල වාර්තාව මේ යොමුව හරහා බාගත කරගත හැකිය – press_20251215_sl_pmi_2025_november_s 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website