ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් අද (12) දින පස්වරු 04.00ට නිකුත් කළ නිල නිවේදනයක් මගින් පහත දැක්වෙන දිස්ත්‍රික්ක සහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වෙත නායයෑම සම්බන්ධ නිවේදන නිකුත් කර ඇත.
මහ නුවර දිස්ත්‍රික්කයේ මැදදුම්බර, පාතදුම්බර, ගඟ ඉහල කෝරළයේ, දොළුව, පන්විල, දෙල්තොට, උඩුදුම්බර, මිනිපේ සහ උඩපළාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ සහ ග්‍රාම නිලධාරී වසම් අවට ප්‍රදේශ සහ කුරුණෑගල දිස්ත්‍රික්කයේ රිදීගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් 03 වැනි අදියරේ (රතු) ඉවත් වීමේ නිවේදන නිකුත් කර ඇත.
මේ අතර බදුල්ල, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, මාතලේ, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රා.ලේ. කොට්ඨාශ කිහිපයක් වෙත 02 වැනි අදියරේ (අවධානය) නිවේදන නිකුත් කර ඇති අතර ගම්පහ, කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රා.ලේ. කොට්ඨාශ කිහිපයක් වෙත 01 වැනි අදියරේ (විමසිලිමත්) නිවේදන නිකුත් කර ඇත.






