හිටපු ජනපති රනිල්ට එරෙහි බ්‍රිතාන්‍ය සංචාර නඩුව: විමර්ශනවල ප්‍රගතිය ජූලි 08 වැනිදා දැනුම් දෙන ලෙස CID යට නියෝග

පොදු දේපොළ පනත යටතේ නඩු පවරා තිබෙන හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායකට අදාළ පැමිණිල්ලේ විමර්ශනවල ප්‍රගතිය ජුලි මස 8 වැනිදා අධිකරණයට දැනුම් දෙන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා අද (29) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.

2023 වසරේ බ්‍රිතාන්‍යයේ පැවති සිය බිරිඳගේ උපාධි ප්‍රදානෝත්සවයට සහභාගී වෙමින් රුපියල් මිලියන 16 කට අධික රජයේ මුදල් අවභාවිතා කළේ යැයි චෝදනා කරමින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි පවරා ඇති මෙම පැමිණිල්ල අද කොළඹ කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේ දී මහේස්ත්‍රාත්වරයා මෙ නියෝගය කළේය.

රනිල් වික්‍රමසිංහ අධිකරණය හමුවේ පෙනී නොසිටි අතර ඔහු අසනීප තත්ත්වයෙන් පසුවන බව සඳහන් කරමින් ඔහුගේ නීතිඥවරු අධිකරණයට වෛද්‍ය වාර්තා ඉදිරිපත් කළ අතර නඩුවේ දෙවන සැකකරු වශයෙන් නම් කර සිටි හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක අධිකරණයේ පෙනී සිටියේ ය.

මෙම පැමිණිල්ල ජූලි මස 08 වනදා කැඳවීමට නියම කළ මහේස්ත්‍රාත්වරයා එදින මෙම කටයුතු වල ප්‍රගතිය දැනුම් දෙන ලෙසත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website