හිටපු ජනපති මහින්ද සහ හිටපු ඇමති පියංකර ජයරත්න අල්ලස් කොමිෂම හමුවට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ හිටපු අමාත්‍ය පියංකර ජයරත්න යන මහත්වරුන්ට මැයි 12 වන දින අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම හමුවේ පෙනී සිටින ලෙස සිතාසි නිකුත් කර තිබේ.

එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයට අදාළව ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා මෙම සිතාසිය නිකුත් කළ බව අල්ලස් කොමිෂම පැවසුවේය.

එයාර් බස් ගුවන් යානා ගනුදෙනුවෙන් අල්ලස් ලෙස ලැබුණු බව කියන අරමුදල්, ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ හිටපු ගුවන් සේවා අමාත්‍ය ප්‍රියංකර ජයරත්න වෙත ලබා දී ඇති බව අනාවරණය වී ඇති බව 2026 මාර්තු 19 වන දින අල්ලස් කොමිසම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.

කොමිසමට අනුව, 2015 දී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් කරන ලද ඉල්ලීමකට අනුව, හිටපු ජනාධිපතිවරයාගේ බෙලිඅත්ත නිවසේදී සහ කාල්ටන් නිවසේදී රුපියල් මිලියන 20 බැගින් වූ වාරික තුනකින් රුපියල් මිලියන 60ක මුදලක් භාර දුන් බව සැකකරු වන කපිල චන්ද්‍රසේන ප්‍රකාශ කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website