සංසදය (Indian CEO Forum) නියෝජනය කළ පිරිසක් සහ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (05) පැවැත්විණි.
මෙරට තුළ කඩිනමින් ක්‍රියාත්මක කළ හැකි ප්‍රමුඛ පෙළේ ව්‍යාපෘති පහක් හඳුනාගෙන ඒවා ප්‍රවර්ධනය කිරීම පිළිබඳව මෙහිදී විශේෂ අවධානය යොමු කෙරිණි.
ඉන්දියාවේ සාර්ථක ඩිජිටල් ආකෘති ආදර්ශයට ගනිමින් දේශීය ෆින්ටෙක් ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කිරීම, ඖෂධ, ඇඟලුම් සහ ඉලෙක්ට්‍රොනික ක්ෂේත්‍රයන්හි ඒකාබද්ධ ව්‍යාපාර ආරම්භ කිරීම, බැංගලෝර් – කොළඹ තාක්ෂණික ව්‍යවසායකත්ව කොරිඩෝවක් නිර්මාණය කිරීම මෙන්ම වරාය හා සංචාරක ක්ෂේත්‍රයන්හි දෙරට අතර සහයෝගීතාව තවදුරටත් වර්ධනය කිරීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි.
















