නීතිවිරෝධී කටයුතුවල නිරත වෙමින් සිටියදී අත්අඩංගුවට ගෙන වැලිසර රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා සිටි කාන්තාවන් හය දෙනෙකු ඇතුළු චීන ජාතිකයන් තිස් හත් දෙනෙකු ඊයේ (04) රාත්‍රියේ ශ්‍රී ලංකාවෙන් පිටුවහල් කර ඇත.
මෙම කණ්ඩායම ආගමන හා විගමන රෙගුලාසි උල්ලංඝනය කරමින් නීතිවිරෝධී ලෙස රට තුළ පදිංචිව සිටි අතර විවිධ නීති විරෝධී ක්‍රියාකාරකම්වල නිරත වූ බවට වාර්තා වේ.
මෙම කණ්ඩායම රැගෙන යාම සඳහා චීනයේ ආරක්ෂක නිලධාරීන් 11 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ද කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට පැමිණ තිබුණි.
















