දිවයිනට ඊසාන දෙසින් පවතින අඩු පීඩන කලාපයේ බලපෑම හේතුවෙන් බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, වයඹ සහ උතුරු පළාත් වලත් ගාල්ල, ත්‍රිකුණාමලය සහ මඩකළපුව යන දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී 100ට වඩා තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් 2026 මැයි මස 12 වන දින ප.ව 05.00 දක්වා වලංගු වන පරිදි අද (11) වන දින ප.ව 05.00 ට නිකුත් කරන ලද තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයේ සඳහන් වේ.













