පොලිස් පුවත්: පියාගේ යකඩ පොළු පහරින් දියණිය මරුට – ග්‍රයින්ඩරයකට ගෙල කැපීමෙන් පුද්ගලයෙක් මරුට

ඊයේ (05) උදෑසන කාලයේදී කටුගස්තොට පොලිස් වසමේ මාවිල්මඩ ප්‍රදේශයේදී පුද්ගලයෙකු නිවසේ ආරක්ෂක වැටක ඉදිකිරීම් කටයුත්තක් සිදු කරමින් සිටියදී ග්‍රයින්ඩරයකට ගෙල කැපීමෙන් මියගොස් සිටින බවට කටුගස්තොට පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර ඇත.

මරණකරු වයස අවුරුදු 66 ක් වූ මාවිල්මඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මරණකරු තම නිවසේ ඉදිරි ආරක්ෂක වැට පිළිසකර කර ගැනීම සඳහා යොදා ගත් ග්‍රයින්ඩරයට ගෙල කැපී එම ස්ථානයේම මියගොස් සිට ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත.

කටුගස්තොට පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

‍මේ අතර 26.05.04 වන දින දහවල් කාලයේදී කළුතර උතුර පොලිස් වසමේ බෝසිරිපුර ප්‍රදේශයේ සිදුවූ පහරදීමක් හේතුවෙන් බරපතල තුවාල ලැබූ කාන්තාවක් නාගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.

කළුතර උතුර පොලිස් ස්ථානය අපරාධය සම්බන්ධයෙන් සිදුකිරීමේදී අනාවරණය වූ කරුණු අනුව මෙම ඝාතනය ඉඩම් ආරවුලක් හේතුවෙන් මරණකාරියගේ පියා විසින් විසින් සිදුකර තිබේ.

මරණකාරිය හා ඇයගේ පියා අතර කලක සිට පැවති ඉඩම් ආරවුලක් තිබී ඇත. අත්අඩංගුවේ පසුවන සැකකාර පියා වයස අවුරුදු 63ක් වන පුද්ගලයෙකු වන අතර යකඩ පොල්ලක් පහරදීම සඳහා භාවිතාකර තිබේ.

මරණකාරිය වයස අවුරුදු 35 ක් වන තැනැත්තියකි.

කළුතර උතුර පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website