දෙනියායට පහසුකම් සහිත අලුත් රෝහලක්

දෙනියාය හෑන්ඩ් ෆර්ඩ් භූමියේ නවීන පහසුකමින් යුතු, ඇදන් 300ක් සහිත රෝහලක් ඉදිකිරීමට සැලසුම් කොට ඇති බව අමාත්ය සුනිල් හදුනෙත්ති පවසයි.
මෙම සැලැස්ම මඟින් අවුරුදු 127ක් පමණ පැරණි, මේ වන විට නායයෑමේ අවදානමට ලක්ව තිබෙන දෙනියාය මූලික රෝහල නව භූමිභාගයක ප්රතිනිර්මාණය කිරීමට නියමිත අතර නව රෝහල ඉදිකිරීමෙන් පසුව පැරණි ස්ථානය තවදුරටත් සෞඛ්ය පුහුණු මධ්යස්ථානයක් ලෙස භාවිතා කිරීමට තීරණයකර ඇති බව ද සැලය.
එලෙසම, නව රෝහල් ව්යාපෘතිය සඳහා රුපියල් බිලියන 06ක ඇස්තමේන්තුගත පිරිවැයක් යොදවන්නට බලාපොරොත්තු වන බව ද අමාත්‍යවරයා සමාජමාධ්‍ය වෙත සටහනක් තබමින් තව දුරටත් සඳහන් කොට තිබිණ.


සංජනා මන්දාරි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website