මාසික වැටුප අවශ්‍යනම් සේවයට වාර්තා කරන්න – තැපැල්පති කියයි

වර්ජනයේ නිරත තැපැල් සේවකයින්ට මෙම මස වැටුප් නොගෙවන බව තැපැල්පති රුවන් සත්කුමාර මහතා පැවසීය.
ඔහු වර්ජනයේ නිරත සේවකයින්ට ලිපියක් මගින් දන්වා ඇත්තේ, මාසික වැටුප අවශ්යනම් වහාම සේවයට වාර්තා කරන ලෙස ය.
වර්ජනයේ නිරත වෘත්තීය සමිති ද ලිඛිතව මේ සම්බන්ධයෙධන් දැනුවත් කළ බවත්
වර්ජනය හේතුවෙන් රුපියල් මිලියන 140ක පමණ පාඩුවක් මේ වනවිට සිදුව ඇති බවත් ඔහු වැඩි දුරටත් පැවසීය.
වර්ජනය අතරතුර ද මේ වනවිට මධ්යම තැපැල් හුවමාරුවේ ගොඩගැසී තිබූ තැපැල් මලු බෙදාහැරීමේ කටයුතු සිදුකරන බව ඔහු පැවසීය.


කාංචනා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website