ජූලි මස 06 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තු ඉහළ නැංවීමට රජය අනුමැතිය ලබාදී තිබෙන අතර අවම ගාස්තුව රුපියල් 30 සිට රුපියල් 34 දක්වා ඉහළ නැංවේ.
නව සංශෝධන අනුව සාමාන්‍ය සේවා කිලෝමීටර් 100ට අඩු ගමනාන්ත සඳහා බස් ගාස්තු 12%කින් ඉහළ නැංවෙන අතර කිලෝමීටර් 100 හෝ ඊට වැඩි ගමනාන්ත සඳහා බස් ගාස්තුව 20%කින් ඉහළ නැංවෙනු ඇත.
නව ගාස්තු සංශෝධනය අනුව සුඛෝපභෝගී සේවා සඳහා කිලෝමීටර් 100ට අඩු ගමනාන්ත සඳහා බස් ගාස්තු 12%කින් ඉහළ නැංවෙන අතර කිලෝමීටර් 100ට වැඩි ගමනාන්ත සඳහා බස් ගාස්තුව 15%කින් ඉහළ නැංවෙනු ඇති බව ජාතික ප්‍රවාහන කොමිෂම පවසයි.
















