දිවයිනේ ඇති වූ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අවතැන් වූ ජනතාවට සහන සැලසීමේ අරමුණින් මියන්මාර රජයේ නියෝජිතයින් පිරිසක් සමඟ ගුවන් හමුදා (Y-8) ගුවන් යානයක් ඊයේ (06) රාත්‍රියේ කටුනායක ගුවන් තොටුපොළට පැමිණියේය.
මෙම පරිත්‍යාගවලට අමතරව මියන්මාර රජය සහල් මෙට්‍රික් ටොන් 500 ක් සහ ඇමරිකානු ඩොලර් මිලියනයක මුදල් ආධාර රටට ලබා දීමට එකඟ වී තිබේ.








