බදුල්ල දිස්ත්‍රික්කයේ සහ මහනුවර දිස්ත්‍රික්කයේ ජල සම්පාදන මණ්ඩලයට යථාවත් කර ගැනීමට අපහසු තත්ත්වයේ වූ ජල සම්පාදන ක්‍රම පහක් මාර්ග සංවර්ධන අධිකාරියේ සහාය ඇතිව පිළිසකර කිරීමට කටයුතු යොදා ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
දිවයින පුරා සමස්ථ ජල සම්පාදන ගෘහස්ථ සම්බන්ධතා 2,947,833ක් අතුරින් තවදුරටත් 387,964ක් පිළිසකර කිරීම සඳහා පියවර ගැනෙමින් පවතින අතර, මහනුවර දිස්ත්‍රික්කයේ 66.8%,ක් කෑගල්ල දිස්ත්‍රික්කයේ 75.09%ක් , කුරුණෑගල 41.34%, පුත්තලම දිස්ත්‍රික්කයේ 52.82% ක් ඒ අතර වන බව ද ජල සම්පාදන මණ්ඩලය නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.












