කොළඹ, බදුල්ල, මහනුවර සහ කෑගල්ල යන දිස්ත්‍රික්කවල ප්‍රදේශ 48ක ගෑස් බෙදා හැරීමට බාධා

දිට්වා සුළි කුණාටුව සමඟ ඇති වූ දැඩි ආපදා තත්ත්වය හේතුවෙන් කොළඹ, බදුල්ල, මහනුවර සහ කෑගල්ල යන දිස්ත්‍රික්කවල ප්‍රදේශ 48ක ගෑස් බෙදාහැරීමට බාධා එල්ල වී ඇතැයි මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් කාර්යාලය සඳහන් කරයි.

එම ප්‍රදේශවල පවතින මාර්ග අවහිරතා හේතුවෙන් මෙම බාධාව හට ගෙන ඇති අතර, එම අවහිරතා පිළිසකර කර කඩිනමින් ගෑස් බෙදාහැරීමට කටයුතු කරන බව නිවේදනයේ සඳහන් වෙයි.

දිවයිනේ සියලූම ප්‍රදේශවලට අඛන්ඩව LP ගෑස් ලබාදීම, ලිට්‍රෝ ගෑස් සමාගම විසින් තහවුරු කර ඇති බව ද එම නිවේදනයේ සඳහන් වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website