
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ශ්‍රී ලංකාවේ ඇති පරිපාලන දිස්ත්‍රික්ක 25න් දිස්ත්‍රික්ක 22කට බලපෑම් සිදුව ඇතැයි අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කර තිබේ. 2010 අංක 19 දරන මරණ ලියාපදිංචි කිරීමේ (තාවකාලික විධිවිධාන) පනත යටතේ එම දිස්ත්‍රික්ක ‘ජාතික ව්‍යසන පාත්‍ර ප්‍රදේශ’ ලෙස නම් කර ඇත.
මෙම ගැසට් පත්‍රය අනුව ව්‍යසනයේ බලපෑමට ලක් නොවූ දිස්ත්‍රික්ක ඇත්තේ 3ක් පමණි. ඒ, දකුණු පළාතේ ගාල්ල, මාතර සහ හම්බන්තොට දිස්ත්‍රික්කයි.
එම දිස්ත්‍රික්ක මෙසේ ය.
- මහනුවර දිස්ත්‍රික්කය
- නුවරඑළිය දිස්ත්‍රික්කය
- බදුල්ල දිස්ත්‍රික්කය
- කුරුණෑගල දිස්ත්‍රික්කය
- මාතලේ දිස්ත්‍රික්කය
- කෑගල්ල දිස්ත්‍රික්කය
- ගම්පහ දිස්ත්‍රික්කය
- මුලතිව් දිස්ත්‍රික්කය
- අනුරාධපුර දිස්ත්‍රික්කය
- කොළඹ දිස්ත්‍රික්කය
- යාපනය දිස්ත්‍රික්කය
- පොළොන්නරුව දිස්ත්‍රික්කය
- මන්නාරම දිස්ත්‍රික්කය
- පුත්තලම දිස්ත්‍රික්කය
- රත්නපුර දිස්ත්‍රික්කය
- මොණරාගල දිස්ත්‍රික්කය
- මඩකලපුව දිස්ත්‍රික්කය
- අම්පාර දිස්ත්‍රික්කය
- ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය
- කිලිනොච්චි දිස්ත්‍රික්කය
- වවුනියාව දිස්ත්‍රික්කය
- කළුතර දිස්ත්‍රික්කය











