ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන විසින් අද සවස 04.00ට නවමත යාවත්කාලීන වාර්තාව නිකුත් කර ඇත. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නවතම යාවත්කාලීන කිරීම අනුව පුද්ගලයින් 212 මියගොස් පුද්ගලයින් 218 දෙනකු අතුරුදන්ව ඇත.
බදුල්ල දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 71 දෙනකු, මහනුවර දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 66 සහ මාතලේ දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 20 දෙනකු මිය ගිය පුද්ගලයින් අතර සිටී. අතුරුදන් වූ පුද්ගලයින් 105 දෙනකු මහනුවර දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර බදුල්ල දිස්ත්‍රික්කයෙන් පුද්ගලයින් 53 දෙනකු වාර්තා වෙයි.
පීඩාවට පත් පුද්ගලයින් සංඛ්‍යාව 998,918ක් වන අතර පවුල් 273, 606ක් පීඩාවට පත්ව ඇත. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් නිකුත් කළ නිල වාර්තාව පහත දැක්වේ.












