
පන්නල, නාලවලාන ප්‍රදේශයට බලපෑ ගංවතුරින් වැඩිහිටි නිවාසයක සිටි 11 දෙනෙකු මියගොස් ඇතැයි ද පුද්ගලයින් 14 දෙනකු ගළවා ගැනීමට පියවර ගත් බව ද පන්නල පොලිසිය පවසයි.
ගංවතුර බලපෑම් එල්ලවන අවස්ථාවේ අදාළ වැඩිහිටි නිවාසය තුළ 25 දෙනෙකු සිට ඇතැයි ද පොලිසිය වැඩි දුරටත් සඳහන් කළේය.
මේ අතර වරකාපොළ පොලිස් වසමේ තුල්හිරිය, මොන්රෝවියා වත්ත ප්‍රදේශයේ නායයාමෙන් පුද්ගලයින් 21 දෙනෙකු පමණ අතුරුදන්ව ඇති බවට දැනට වාර්තා වී ඇති අතර වරකාපොළ පොලීසිය පවසයි.
අතුරුදන් පුද්ගලයන් සෙවීමේ මෙහෙයුම් ආරම්භ කර ඇති බව පොලීසිය ද පවසයි.










