නොවැම්බර් මස 28 දින සඳහා කාලගුණ අනාවැකිය: සුළිකුණාටුව උතුරට බරව වයඹ දෙසට ගමන්

Sri Lanka Weather Map

කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් 2025 නොවැම්බර් මස 28 දින උදෑසන 05.30 ට නිකුත් කරන ලද කාලගුණ නිවේදනය

මඩකලපුව ප්‍රදේශය අශ්‍රිතව පැවති “දිට්වා” [Ditwah] සුළිකුණාටුව ත්‍රිකුණාමලය සිට 50 km ක් දකුණු දෙසින්, අක්ෂාංශ 8.1°N සහ දේශාංශ 81.2°E ආසන්නයේ කේන්ද්‍රගතව වී ඇත. මෙම පද්ධතිය උතුරට බරව වයඹ දෙසට ගමන් කරනු ඇත. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් මේ සම්බන්ධව නිකුත් කරන ඉදිරි නිවේදන පිලිබඳ අවධානය යොමුකරන ලෙස ඉල්ලා සිටිනු ලැබේ.

මෙම පද්ධතිය හේතුවෙන් දිවයිනේ පවතින තද වැසි සහ තද සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තුවේ. දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතින අතර නිරන්තර වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

උතුරු, උතුරු-මැද, මධ්‍යම, වයඹ, සබරගමුව සහ බස්නාහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 200 ට වැඩි ඉතා තද වැසි, සහ ත්‍රිකුණාමලය, බදුල්ල, මඩකලපුව, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී. 150 ට වැඩි ඉතා තද වැසි ඇති විය හැක. දිවයිනේ සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ඇති විය හැක.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල හමන පැ.කි.මී. (60-70) දක්වා වන ඉතා තද සුළං සමඟ විටින් විට හමන පැ.කි.මී. (80-90) දක්වා වන ප්‍රහාරාත්මක සුළං ඇතිවිය හැක.

තද වැසි සහ තද සුළං මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website